Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #109 Translated in Sinhalese

وَكَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ وَلِيَقُولُوا دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ
(නබිවරය! දේව ධර්මය දෙනු ලැබූ අයගෙන්) නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පැවසිය හැකි නිසාවෙන් හා එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස මෙම සාධක අපි විවිධ අයුරින් මෙලෙස විස්තර කරන්නෙමු.
اتَّبِعْ مَا أُوحِيَ إِلَيْكَ مِنْ رَبِّكَ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දිව්‍ය පණිවිඩ වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන කිසිවකු නොමැත. තවද දේවත්වය ආදේශ කරන්නන් හෙළා දකිනු.
وَلَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكُوا ۗ وَمَا جَعَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
අල්ලාහ් සිතුවේ නම් ඔවුහු ආදේශ නොකරන්නට තිබුණි. තවද ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹ ව පත් නොකළෙමු. තවද නුඹ ඔවුන් වෙත වූ භාරකරු ද නොවේ.
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِمْ مَرْجِعُهُمْ فَيُنَبِّئُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
අල්ලාහ් හැර ඔවුහු අයැදින දෑට නුඹලා බැන නොවදිනු. එවිට කිසිදු දැනුමකින් තොර ව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද බැන වදිති. සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාරවත් කළේ එලෙසය. පසු ව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට ප්‍රකාශ කරනු සිටී.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَتْهُمْ آيَةٌ لَيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءَتْ لَا يُؤْمِنُونَ
තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳ ව තමන් තරයේ විශ්වාස කරන බව ඔවුහු ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා සිටියහ. සැබැවින්ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය!) නුඹ පවසනු. සැබැවින්ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නොකරනු ඇතැයි නුඹලාට අඟවා සිටියේ කුමක්ද?

Choose other languages: