Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #111 Translated in Sinhalese

وَلَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكُوا ۗ وَمَا جَعَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
අල්ලාහ් සිතුවේ නම් ඔවුහු ආදේශ නොකරන්නට තිබුණි. තවද ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹ ව පත් නොකළෙමු. තවද නුඹ ඔවුන් වෙත වූ භාරකරු ද නොවේ.
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِمْ مَرْجِعُهُمْ فَيُنَبِّئُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
අල්ලාහ් හැර ඔවුහු අයැදින දෑට නුඹලා බැන නොවදිනු. එවිට කිසිදු දැනුමකින් තොර ව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද බැන වදිති. සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාරවත් කළේ එලෙසය. පසු ව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට ප්‍රකාශ කරනු සිටී.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَتْهُمْ آيَةٌ لَيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءَتْ لَا يُؤْمِنُونَ
තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳ ව තමන් තරයේ විශ්වාස කරන බව ඔවුහු ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා සිටියහ. සැබැවින්ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය!) නුඹ පවසනු. සැබැවින්ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නොකරනු ඇතැයි නුඹලාට අඟවා සිටියේ කුමක්ද?
وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
ඔවුන් එය මුල් වතාවෙහි විශ්වාස නොකර සිටියාක් මෙන් ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ඨීන් අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑමෙහි සැරිසරන්නට අපි ඔවුන්ව අතහැර දමන්නෙමු
وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلًا مَا كَانُوا لِيُؤْمِنُوا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ
තවද අප ඔවුන් වෙත මලක්වරුන් පහළ කළ ද මියගියවුන් ඔවුන් සමඟ කතා කළ ද සියලු දෑ ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළ ද අල්ලාහ් අභිමත කිරීමෙන් මිස ඔවුහු විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරය අඥාන ව සිටිති.

Choose other languages: