Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #112 Translated in Sinhalese

وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِمْ مَرْجِعُهُمْ فَيُنَبِّئُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
අල්ලාහ් හැර ඔවුහු අයැදින දෑට නුඹලා බැන නොවදිනු. එවිට කිසිදු දැනුමකින් තොර ව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද බැන වදිති. සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාරවත් කළේ එලෙසය. පසු ව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට ප්‍රකාශ කරනු සිටී.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَتْهُمْ آيَةٌ لَيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءَتْ لَا يُؤْمِنُونَ
තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳ ව තමන් තරයේ විශ්වාස කරන බව ඔවුහු ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා සිටියහ. සැබැවින්ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය!) නුඹ පවසනු. සැබැවින්ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නොකරනු ඇතැයි නුඹලාට අඟවා සිටියේ කුමක්ද?
وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
ඔවුන් එය මුල් වතාවෙහි විශ්වාස නොකර සිටියාක් මෙන් ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ඨීන් අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑමෙහි සැරිසරන්නට අපි ඔවුන්ව අතහැර දමන්නෙමු
وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلًا مَا كَانُوا لِيُؤْمِنُوا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ
තවද අප ඔවුන් වෙත මලක්වරුන් පහළ කළ ද මියගියවුන් ඔවුන් සමඟ කතා කළ ද සියලු දෑ ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළ ද අල්ලාහ් අභිමත කිරීමෙන් මිස ඔවුහු විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරය අඥාන ව සිටිති.
وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا ۚ وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
තවද එලෙසම අපි සෑම නබි වරයකුටම මිනිස් වර්ගයා සහ ජින් වර්ගයා‍ගෙන් පවතින ෂෙයිතානුන් සතුරන් බවට පත් කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටාලනු පිණිස ආකර්ෂණීය වදන් කොඳුරා පවසති. නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුහු මෙය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන්වද ඔවුන් ගොතන (අසත්‍ය) දෑ ද නුඹ අත හැර දමනු.

Choose other languages: