Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #18 Translated in Sinhalese

إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنْزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ
“නුඹලා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නැමදුම් නොකරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද ධර්ම දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙයින් නමුත් නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ
ආද් ජනයා වූ කලී යුක්තියෙන් තොර ව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑවෝය. “අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන්දැයි” ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නොදුටුවෝද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියෝය.
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ
එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීයය. තවද ඔවුහු උදව් කරනු නොලබති.
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ
තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. නමුත් ඔවුහු යහමගට වඩා අන්ධබව ප්රිය කළෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා (අකුණු) හඬ ඔවුන් හසුකර ගත්තේය.
وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
තවද දේවත්වය විශ්වාස කොට (පාපකම් සිදුකිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.

Choose other languages: