Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #20 Translated in Sinhalese

فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ
එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීයය. තවද ඔවුහු උදව් කරනු නොලබති.
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ
තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. නමුත් ඔවුහු යහමගට වඩා අන්ධබව ප්රිය කළෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා (අකුණු) හඬ ඔවුන් හසුකර ගත්තේය.
وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
තවද දේවත්වය විශ්වාස කොට (පාපකම් සිදුකිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ
තවද අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා තබනු ලබති.
حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ඔවුනට එරෙහි ව සාක්ෂි දරනු ඇත.

Choose other languages: