Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #21 Translated in Sinhalese

وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ
තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. නමුත් ඔවුහු යහමගට වඩා අන්ධබව ප්රිය කළෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා (අකුණු) හඬ ඔවුන් හසුකර ගත්තේය.
وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
තවද දේවත්වය විශ්වාස කොට (පාපකම් සිදුකිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ
තවද අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා තබනු ලබති.
حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ඔවුනට එරෙහි ව සාක්ෂි දරනු ඇත.
وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا ۖ قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ
තවද “අපට එරෙහි ව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි?” දැයි ඔවුහු ඔවුන්ගේ හම් වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහුය. තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත.

Choose other languages: