Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #127 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قَاتِلُوا الَّذِينَ يَلُونَكُمْ مِنَ الْكُفَّارِ وَلْيَجِدُوا فِيكُمْ غِلْظَةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් නුඹලාට පරව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු.
وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِ إِيمَانًا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ
පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම ‘මෙය විශ්වාසය වර්ධනය කළ කවරෙකු හෝ නුඹලා අතරින් වෙත්දැ’යි ඔවුන් අතරින් පවසන ඇතමෙකු ද විය. නමුත් දේවත්වය විශ්වාස කරන්නන් වූ කලී එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුහු සතුටට පත් වූහ.
وَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ كَافِرُونَ
තම හදවත් තුළ රෝගීභාවය ඇත්තන් වනාහි කිලිට මත ‍කිලිට වර්ධනය කළේය. තවද ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව සිටියදීම මිය ගියෝය.
أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ
නියත වශයෙන්ම ඔවුන් සෑම වසරකටම වරක් හෝ දෙවරක් හෝ පරීක්ෂාවට ලක් කරනු ලබන බව ඔවුහු නුදුටුවෝ ද? පසුව ඔවුහු පශ්චාත්තාප වී සමාව අයදින්නේද නැත. තවද ඔවුහු මෙනෙහි කරන්නන් ද නොවෙති.
وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ نَظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَاكُمْ مِنْ أَحَدٍ ثُمَّ انْصَرَفُوا ۚ صَرَفَ اللَّهُ قُلُوبَهُمْ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
. තවද පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම (විශ්වාසීන් අතරින්) කිසිවකු නුඹලා ව බලා සිටින්නේ දැයි (විමසනවාක් මෙන්) ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකු දෙස බැලුවෝය. පසුව ඔවුහු (එම ස්ථානයෙන්) හැරී ගියෝය. සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ හදවත් ද අල්ලාහ් හරවා දැමීය.

Choose other languages: