Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #129 Translated in Sinhalese

أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ
නියත වශයෙන්ම ඔවුන් සෑම වසරකටම වරක් හෝ දෙවරක් හෝ පරීක්ෂාවට ලක් කරනු ලබන බව ඔවුහු නුදුටුවෝ ද? පසුව ඔවුහු පශ්චාත්තාප වී සමාව අයදින්නේද නැත. තවද ඔවුහු මෙනෙහි කරන්නන් ද නොවෙති.
وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ نَظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَاكُمْ مِنْ أَحَدٍ ثُمَّ انْصَرَفُوا ۚ صَرَفَ اللَّهُ قُلُوبَهُمْ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
. තවද පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම (විශ්වාසීන් අතරින්) කිසිවකු නුඹලා ව බලා සිටින්නේ දැයි (විමසනවාක් මෙන්) ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකු දෙස බැලුවෝය. පසුව ඔවුහු (එම ස්ථානයෙන්) හැරී ගියෝය. සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ හදවත් ද අල්ලාහ් හරවා දැමීය.
لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَحِيمٌ
(විශ්වාස කරන්නනි!) නුඹලා අතරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ගැන ඔහු බලවත් සේ කණගාටු වන්නෙකි. ඔහු නුඹලා කෙරෙහි දැඩි සැලකිලිමත් වන්නෙකි. දේවත්වය විශ්වාස කරන්නන් හට සෙනෙහෙවන්තය; මහා කාරුණිකය.
فَإِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ
නමුත් ඔවුන් (නුඹට) පිටුපෑවේ නම් ‘මට අල්ලාහ් ප්‍රමාණවත්ය. ඔහු හැර නැමදුමට කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු කෙරෙහි මම (සියල්ල) භාර කළෙමි. ඔහු අතිමහත් අර්ෂ්(රාජධානියෙ)හි හිමිකරුය’ යැයි නුඹ පවසනු.

Choose other languages: