Quran Apps in many lanuages:

Surah Ar-Rad Ayahs #14 Translated in Sinhalese

سَوَاءٌ مِنْكُمْ مَنْ أَسَرَّ الْقَوْلَ وَمَنْ جَهَرَ بِهِ وَمَنْ هُوَ مُسْتَخْفٍ بِاللَّيْلِ وَسَارِبٌ بِالنَّهَارِ
නුඹලා අතරින් ප්‍රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද තවද රාත්‍රියෙහි සැඟවෙන්නා ද දහවල් කාලයේ සැරිසරන්නා ද (අල්ලාහ් ඉදිරියේ) එක සමානය.
لَهُ مُعَقِّبَاتٌ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَالٍ
(සෑම මිනිසකු ම) ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහු ව ආරක්ෂා කරමින් ලුහුබඳින්නන් ඔහුට වෙති. ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි. තවද යම් පිරිසකට අල්ලාහ් යම් නපුරක් අපේක්ෂා කළේ නම් එවිට එයට ආපසු හැරීමක් නොමැත. තවද ඔහුගෙන් තොර ව වෙනත් කිසිදු භාරකරුවකු ද ඔවුනට නොමැත.
هُوَ الَّذِي يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنْشِئُ السَّحَابَ الثِّقَالَ
ඔහු වනාහි බියක් හා (වැසි) බලාපොරොත්තුවක් ලෙසින් විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නාය. තවද ඔහු ඝන වලාකුළු නිර්මාණය කරයි.
وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ
ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. තවද ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අය ග්‍රහණය කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.
لَهُ دَعْوَةُ الْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُمْ بِشَيْءٍ إِلَّا كَبَاسِطِ كَفَّيْهِ إِلَى الْمَاءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ ۚ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
සැබෑ අයැදුම ඔහු සතුවේ. තවද ඔහු හැර දමා ඔවුන් අයැද සිටින්නන් ඔවුනට කිසිවකින් ප්‍රතිචාර නොදක්වති. එය තම කටට ජලය ළඟා කරවීමට තම දෑත් ජලයට දිගු කරන්නෙකු මෙන් මිස වෙනකක් නොවේ. එය ඔහු වෙත ළඟා වන්නක් නොවේ. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ අයැදුම මුළාවක මිස වෙනකක නොවේ.

Choose other languages: