Surah Ar-Rad Ayahs #16 Translated in Sinhalese
هُوَ الَّذِي يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنْشِئُ السَّحَابَ الثِّقَالَ
ඔහු වනාහි බියක් හා (වැසි) බලාපොරොත්තුවක් ලෙසින් විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නාය. තවද ඔහු ඝන වලාකුළු නිර්මාණය කරයි.
وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ
ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. තවද ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අය ග්‍රහණය කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.
لَهُ دَعْوَةُ الْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُمْ بِشَيْءٍ إِلَّا كَبَاسِطِ كَفَّيْهِ إِلَى الْمَاءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ ۚ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
සැබෑ අයැදුම ඔහු සතුවේ. තවද ඔහු හැර දමා ඔවුන් අයැද සිටින්නන් ඔවුනට කිසිවකින් ප්‍රතිචාර නොදක්වති. එය තම කටට ජලය ළඟා කරවීමට තම දෑත් ජලයට දිගු කරන්නෙකු මෙන් මිස වෙනකක් නොවේ. එය ඔහු වෙත ළඟා වන්නක් නොවේ. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ අයැදුම මුළාවක මිස වෙනකක නොවේ.
وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ ۩
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද ඒවායෙහි හෙවණැලි ද කැමැත්තෙන් වුව ද අකමැත්තෙන් වුව ද උදේ හා හවස අල්ලාහ්ටම සුජූද් කරති.
قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ ۚ قُلْ أَفَاتَّخَذْتُمْ مِنْ دُونِهِ أَوْلِيَاءَ لَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ ۗ أَمْ جَعَلُوا لِلَّهِ شُرَكَاءَ خَلَقُوا كَخَلْقِهِ فَتَشَابَهَ الْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ
අහස්හි හා මහපොළොවේ පරමාධිපතියාණන් කවුරුන්දැ?යි (නබිවරය) නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ් හැර දමා තමන් වෙත කිසිදු ප්‍රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැයි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවිද? අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ?යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
