Surah An-Nur Ayahs #54 Translated in Sinhalese
أَفِي قُلُوبِهِمْ مَرَضٌ أَمِ ارْتَابُوا أَمْ يَخَافُونَ أَنْ يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ ۚ بَلْ أُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝද? එසේත් නැතහොත් ඔවුනට එරෙහි ව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත්ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහුමය.
إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَنْ يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්නය. තවද ජය ලබන්නෝ ඔවුහුමය.
وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහුමය.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُلْ لَا تُقْسِمُوا ۖ طَاعَةٌ مَعْرُوفَةٌ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
තවද (යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නොකරනු. අවනත වීම ප්‍රකට කරුණකි. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත බව (නබිවරය!) නුඹ පවසනු.
قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ ۖ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا ۚ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද පණිවිඩකරුට ද අවනත වනු යැයි (නබිවරය!) නුඹ පවසනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහිය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. පණිවිඩකරු වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම මිස නැත.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
