Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #55 Translated in Sinhalese

إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَنْ يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්නය. තවද ජය ලබන්නෝ ඔවුහුමය.
وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහුමය.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُلْ لَا تُقْسِمُوا ۖ طَاعَةٌ مَعْرُوفَةٌ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
තවද (යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නොකරනු. අවනත වීම ප්‍රකට කරුණකි. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත බව (නබිවරය!) නුඹ පවසනු.
قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ ۖ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا ۚ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද පණිවිඩකරුට ද අවනත වනු යැයි (නබිවරය!) නුඹ පවසනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහිය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. පණිවිඩකරු වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම මිස නැත.
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا ۚ وَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නොකරති. තවද මින් පසු ව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහුමය පාපතරයෝ.

Choose other languages: