Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #31 Translated in Sinhalese

وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا
තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන්, නුඹලා සම්පූරණයෙන්ම (නොමඟට)නැඹුරු වීම අපේක්ෂා කරති.
يُرِيدُ اللَّهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ ۚ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا
(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً عَنْ تَرَاضٍ مِنْكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ ۚ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු. තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය.
وَمَنْ يَفْعَلْ ذَٰلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
කවරෙකු සතුරුකමින් හා අයුක්ති සහගත ලෙස එය සිදු කරන්නේ ද එවිට අපි ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය.
إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا
කවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලා ව ගෞරවනීය පිවිසුම් ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු.

Choose other languages: