Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #162 Translated in Sinhalese

بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.
وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
ධර්ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු වනු ඇත.
فَبِظُلْمٍ مِنَ الَّذِينَ هَادُوا حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَنْ سَبِيلِ اللَّهِ كَثِيرًا
යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ අපි ඔවුනට තහනම් කළෙමු. තවද එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනා ව ඔවුන් අවහිර කළ බැවිනි.
وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُوا عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا
තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුන් එය ගත් බැවින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ බැවින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට වේදනා සහගත දඬුවමක් සූදානම් කළෙමු.
لَٰكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ ۚ وَالْمُقِيمِينَ الصَّلَاةَ ۚ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أُولَٰئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا
නමුත් ඔවුන් අතුරින් දැනුමෙහි තීක්ෂණ බුද්ධියක් ඇත්තවුන් ද දේවත්වය විශ්වාස කළ අය ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත් ව ඉටු කරන්නන් ද zසකාත් දෙන්නන් ද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.

Choose other languages: