Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #165 Translated in Sinhalese

وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُوا عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا
තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුන් එය ගත් බැවින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ බැවින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට වේදනා සහගත දඬුවමක් සූදානම් කළෙමු.
لَٰكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ ۚ وَالْمُقِيمِينَ الصَّلَاةَ ۚ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أُولَٰئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا
නමුත් ඔවුන් අතුරින් දැනුමෙහි තීක්ෂණ බුද්ධියක් ඇත්තවුන් ද දේවත්වය විශ්වාස කළ අය ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත් ව ඉටු කරන්නන් ද zසකාත් දෙන්නන් ද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.
إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَىٰ نُوحٍ وَالنَّبِيِّينَ مِنْ بَعْدِهِ ۚ وَأَوْحَيْنَا إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ ۚ وَآتَيْنَا دَاوُودَ زَبُورًا
සැබැවින්ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ධර්ම ග්‍රන්ථය) පිරිනැමුවෙමු.
وَرُسُلًا قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِنْ قَبْلُ وَرُسُلًا لَمْ نَقْصُصْهُمْ عَلَيْكَ ۚ وَكَلَّمَ اللَّهُ مُوسَىٰ تَكْلِيمًا
ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර අපි නුඹට පවසා ඇත. තවද ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන අපි නුඹට පවසා නැත. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේය.
رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
එම රසූල් වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.

Choose other languages: