Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #103 Translated in Sinhalese

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ قَادِرٌ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَا رَيْبَ فِيهِ فَأَبَى الظَّالِمُونَ إِلَّا كُفُورًا
අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේය. එහි කිසිදු සැකයක් නැත. නමුත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.
قُلْ لَوْ أَنْتُمْ تَمْلِكُونَ خَزَائِنَ رَحْمَةِ رَبِّي إِذًا لَأَمْسَكْتُمْ خَشْيَةَ الْإِنْفَاقِ ۚ وَكَانَ الْإِنْسَانُ قَتُورًا
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට වියදම් කිරීමට බියෙන් නුඹලා රඳවා ගනු ඇත. තවද මිනිසා මසුරු විය යැයි (නබිවරය) නුඹ පවසනු.
وَلَقَدْ آتَيْنَا مُوسَىٰ تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ ۖ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءَهُمْ فَقَالَ لَهُ فِرْعَوْنُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَىٰ مَسْحُورًا
තවද සැබැවින්ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ මූසා! නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේය.
قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنْزَلَ هَٰؤُلَاءِ إِلَّا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ بَصَائِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَوْنُ مَثْبُورًا
මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නොකළ බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.
فَأَرَادَ أَنْ يَسْتَفِزَّهُمْ مِنَ الْأَرْضِ فَأَغْرَقْنَاهُ وَمَنْ مَعَهُ جَمِيعًا
එවිට මහපොළොවෙන් ඔවුන් ව පන්නා දමන්නට ඔහු(ෆිර්අවුන්) සිතුවේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු.

Choose other languages: