Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #102 Translated in Sinhalese

ذَٰلِكَ جَزَاؤُهُمْ بِأَنَّهُمْ كَفَرُوا بِآيَاتِنَا وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا
. එය සැබැවින්ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැයි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි.
أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ قَادِرٌ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَا رَيْبَ فِيهِ فَأَبَى الظَّالِمُونَ إِلَّا كُفُورًا
අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේය. එහි කිසිදු සැකයක් නැත. නමුත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.
قُلْ لَوْ أَنْتُمْ تَمْلِكُونَ خَزَائِنَ رَحْمَةِ رَبِّي إِذًا لَأَمْسَكْتُمْ خَشْيَةَ الْإِنْفَاقِ ۚ وَكَانَ الْإِنْسَانُ قَتُورًا
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට වියදම් කිරීමට බියෙන් නුඹලා රඳවා ගනු ඇත. තවද මිනිසා මසුරු විය යැයි (නබිවරය) නුඹ පවසනු.
وَلَقَدْ آتَيْنَا مُوسَىٰ تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ ۖ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءَهُمْ فَقَالَ لَهُ فِرْعَوْنُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَىٰ مَسْحُورًا
තවද සැබැවින්ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ මූසා! නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේය.
قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنْزَلَ هَٰؤُلَاءِ إِلَّا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ بَصَائِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَوْنُ مَثْبُورًا
මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නොකළ බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.

Choose other languages: