Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #105 Translated in Sinhalese

وَلَقَدْ آتَيْنَا مُوسَىٰ تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ ۖ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءَهُمْ فَقَالَ لَهُ فِرْعَوْنُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَىٰ مَسْحُورًا
තවද සැබැවින්ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ මූසා! නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේය.
قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنْزَلَ هَٰؤُلَاءِ إِلَّا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ بَصَائِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَوْنُ مَثْبُورًا
මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නොකළ බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.
فَأَرَادَ أَنْ يَسْتَفِزَّهُمْ مِنَ الْأَرْضِ فَأَغْرَقْنَاهُ وَمَنْ مَعَهُ جَمِيعًا
එවිට මහපොළොවෙන් ඔවුන් ව පන්නා දමන්නට ඔහු(ෆිර්අවුන්) සිතුවේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු.
وَقُلْنَا مِنْ بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُوا الْأَرْضَ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا
තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසන් දින පිළිබඳ ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා එකට වෙළා ගනිමින් අපි ගෙන එන්නෙමු යැයි ඔහුගෙන් පසු ව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු.
وَبِالْحَقِّ أَنْزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ ۗ وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا
තවද අපි එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ කළෙමු. තවද එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ විය. තවද නුඹ ව ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි නොඑව්වෙමු.

Choose other languages: