Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #106 Translated in Sinhalese

قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنْزَلَ هَٰؤُلَاءِ إِلَّا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ بَصَائِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَوْنُ مَثْبُورًا
මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නොකළ බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.
فَأَرَادَ أَنْ يَسْتَفِزَّهُمْ مِنَ الْأَرْضِ فَأَغْرَقْنَاهُ وَمَنْ مَعَهُ جَمِيعًا
එවිට මහපොළොවෙන් ඔවුන් ව පන්නා දමන්නට ඔහු(ෆිර්අවුන්) සිතුවේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු.
وَقُلْنَا مِنْ بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُوا الْأَرْضَ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا
තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසන් දින පිළිබඳ ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා එකට වෙළා ගනිමින් අපි ගෙන එන්නෙමු යැයි ඔහුගෙන් පසු ව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු.
وَبِالْحَقِّ أَنْزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ ۗ وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا
තවද අපි එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ කළෙමු. තවද එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ විය. තවද නුඹ ව ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි නොඑව්වෙමු.
وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلًا
තවද කුර්ආනය, එය නවත නවතා ජනයාට නුඹ පාරායනා කරනු පිණිස අපි එය කොටස් කළෙමු. තවද අපි එය (වෙන් වෙන් වූ) පහළ කිරීම් වශයෙන් අපි එය පහළ කළෙමු.

Choose other languages: