Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #46 Translated in Sinhalese

وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයාද ආද් ජනයා ද සමූද් ජනයා ද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය.
وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ
තවද ඉබ්රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද,
وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
තවද මද්යන් වාසීහු ද (බොරු කළෝය.) එලෙස මූසාද බොරු කරනු ලැබීය. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට මම අවකාශය දුනිමි. පසු ව මම ඔවුන් ග්රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
فَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُعَطَّلَةٍ وَقَصْرٍ مَشِيدٍ
කොපමණ ගම්මානයන් වී ද? ඒවා අපරාධ කරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත. එමෙන්ම කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද?
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَٰكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ
ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නොවේ ද? එවිට එමගින් වටහා ගත හැකි අයුරින් සිත් හා එමගින් සවන් දිය හැකි අයුරින් කන්ද ඔවුනට පිහිටනු ඇත. නිසැකවම එහි ඇස් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇතිඔවුන් මහපොළොවේ ගමන් කර නැති ද? එසේ (ගමන් කළේ) නම් එමගින් වටහා ගත හැකි සිත් හා එමගින් සවන් දිය හැකි කන් ඔවුනට පිහිටනු ඇත. නිසැකවම දෘෂ්ඨීන් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි. සිත් අන්ධ වෙයි.

Choose other languages: