Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #45 Translated in Sinhalese

الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට පහසුකම් ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් සතුය.
وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයාද ආද් ජනයා ද සමූද් ජනයා ද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය.
وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ
තවද ඉබ්රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද,
وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
තවද මද්යන් වාසීහු ද (බොරු කළෝය.) එලෙස මූසාද බොරු කරනු ලැබීය. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට මම අවකාශය දුනිමි. පසු ව මම ඔවුන් ග්රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
فَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُعَطَّلَةٍ وَقَصْرٍ مَشِيدٍ
කොපමණ ගම්මානයන් වී ද? ඒවා අපරාධ කරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත. එමෙන්ම කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද?

Choose other languages: