Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #101 Translated in Sinhalese

قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ
කවරෙක් ජිබ්රීල් ට සතුරු වන්නේ ද ඔහු ට පවසනු. සැබැවින් ම (ජිබ්රීල් වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද, මඟ පෙන් වීමක් ලෙස ද, විශ්වාස කළවුන් ට සුබාරංචියක් ලෙස ද, එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය.
مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِلْكَافِرِينَ
කවරෙක් අල්ලාහ් ට ද ඔහු ගේ දේව දූතයින්ට ද ඔහු ගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල්, මීකාල් (නම් දේව දූතයින් ට) ද සතුරු වන්නේ ද එසේ නම් සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ට සතුරා ය (යන වග දැන ගනු).
وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ ۖ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ
තව ද සැබැවින් ම අපි ඔබ වෙත පැහැදිලි වදන් පහළ කළෙමු. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙක් ඒවා ප්‍රතික්ෂේප නොකරති.
أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ
ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නොවේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නොකරති.
وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ
ඔවුන් සතුව ඇති දැය තහවුරු කරන ධර්ම දූතයෙකු අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි, ග්‍රන්ථය දෙනු ලැබූ අයවලුන් අතුරින් පිරිසක්, ඔවුන් නොදන්නවුන් මෙන් අල්ලාහ් ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටු පසට විසි කළහ.

Choose other languages: