Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #104 Translated in Sinhalese

أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ
ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නොවේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නොකරති.
وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ
ඔවුන් සතුව ඇති දැය තහවුරු කරන ධර්ම දූතයෙකු අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි, ග්‍රන්ථය දෙනු ලැබූ අයවලුන් අතුරින් පිරිසක්, ඔවුන් නොදන්නවුන් මෙන් අල්ලාහ් ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටු පසට විසි කළහ.
وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَانَ ۖ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَٰكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ ۚ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
ඔවුහු සුලෙයිමාන් ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ අනුගමනය කළෝය. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නොකළේ ය. නමුත් ප්‍රතික්ෂේප කළේ ෂෙයිතානුන් ය. ඔවුහු ජනයා ට හූනියම ද බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක් වරුන් දෙදෙනා ට පහළ කරනු ලැබූ දෑ ද ජනයා ට ඉගැන් වූහ. නමුත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නොකරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකු ට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර වෙන් කරවන දෑ ඔවුහු ඉගෙන ගනිති. අල්ලාහ් ගේ අනුබල යෙන් මිස කිසිවෙකු ට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නොවූහ. තව ද ඔවුන ට හානි පමුණු වන ඔවුන ට ප්‍රයෝජනවත් නොවන දෑ ඉගෙන ගනිති. තව ද එය මිල ට ගත් අය ට පර ලොවෙ හි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්.
وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللَّهِ خَيْرٌ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ
නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُوا ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා (විකෘති අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නොපවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තව ද නුඹලා (ඔවුන් ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින් ට වේදනා සහගත දඬුවමක් ඇත.

Choose other languages: