Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #53 Translated in Sinhalese

وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ
නුඹලා ට දැඩි වධ වේදනා දී හිංසා කරමින් ද, නුඹලා ගේ පිරිමි දරුවන් මරා දමමින් ද, නුඹලාගේ ගැහැනු දරුවන් ට ජීවිත දානය දෙමින් ද සිටි ෆිර්අවුන් ගේ පරපුරෙන් නුඹලා ව අපි මුදවා ගත් අවස්ථා ව සිහිපත් කරනු. තව ද ඒවායෙ හි නුඹලා ගේ පරමාධිපතිගෙන් වූ අතිමහත් පිරික්සුමක් තිබිණ.
وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ
තව ද අපි නුඹලා ට මුහුද දෙබෑ කර, පසු ව එයින් නුඹලා ව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන් ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු.
وَإِذْ وَاعَدْنَا مُوسَىٰ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
තවද අප මූසා ට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථා ව සිහිපත් කරනු. අනතුරු ව නුඹලා ඔහුගෙන් පසු ව (ඔහු ගිය පසු ව) වසු පැටවා ව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝම ය.
ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ
පසුව නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස, ඉන් පසුවද අපි නුඹලා ට සමාව දුනිමු.
وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ
තව ද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසා ට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු.

Choose other languages: