Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #54 Translated in Sinhalese

وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ
තව ද අපි නුඹලා ට මුහුද දෙබෑ කර, පසු ව එයින් නුඹලා ව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන් ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු.
وَإِذْ وَاعَدْنَا مُوسَىٰ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
තවද අප මූසා ට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථා ව සිහිපත් කරනු. අනතුරු ව නුඹලා ඔහුගෙන් පසු ව (ඔහු ගිය පසු ව) වසු පැටවා ව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝම ය.
ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ
පසුව නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස, ඉන් පසුවද අපි නුඹලා ට සමාව දුනිමු.
وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ
තව ද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසා ට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَىٰ بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
මාගේ ජනයිනි, සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලා ගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එසේනම් නුඹලා (සීමාව ඉක්මවූවන්ව) නුඹලාම ඝාතනය කරනු. එය නුඹලා ගේ උත්පාදකයා අබියස නුඹලා ට ශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලා ට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

Choose other languages: