Surah Al-Baqara Ayahs #143 Translated in Sinhalese
قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ
“අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අප ගේ ක්‍රියාවන් අපට ය නුඹලා ගේ ක්‍රියාවන් නුඹලාට ය. තව ද අපි ඔහු ට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු.
أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَىٰ ۗ قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
“නැතහොත් සැබැවින් ම ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ් ගේ සාධකයක් වසන් කරන්නන් ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තව ද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහු ය.
سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا ۚ قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ඔවුන් කවර දෙයක් මත සිටියෝ ද එවන් ඔවුන්ගේ දිශාවෙන් ඔවුන් ව හැර වූයේ කුමක් දැ යි ජනයා අතුරින් අඥානයෝ විමසා සිටිති. නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ට ම සතු ය. ඔහු අභිමත කරන්නන් හට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ඇතැයි (නබිවරය) පවසනු.
وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا ۗ وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ ۗ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ ۚ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ
නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත්, ධර්ම දූතයාණන් නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත්, අප නුඹලා ව මධ්‍යස්ථ (ජන) සමූහයක් ලෙස පත් කළේ එලෙස ය. තම විලුඹ දෙක මත හැරී යන්නන් අතුරින් ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නන් කවරෙකු දැ යි අපි දැන ගනු පිණිස මිස ඔබ කවර දෙයක් මත (දැන්) සිටින්නේ ද එවන් දිශාව අපි පත් නොකළෙමු. එය අල්ලාහ් මඟ පෙන් වූ අය කෙරෙහි හැර (අන් අයට) භාරදූර දෙයක් විය. නුඹලාගේ විශ්වාසය නිශ්ඵල කිරීමට අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. සැබැවින් ම අල්ලාහ් සකල ජනයාටම සෙනෙහෙවන්තය අසමසම කරුණාවන්තය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
