Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #142 Translated in Sinhalese

صِبْغَةَ اللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً ۖ وَنَحْنُ لَهُ عَابِدُونَ
(අපව වර්ණවත් කරවන) අල්ලාහ් ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ් ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තව ද අපි ඔහු ට යටහත් වන්නෝ වෙමු.
قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ
“අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අප ගේ ක්‍රියාවන් අපට ය නුඹලා ගේ ක්‍රියාවන් නුඹලාට ය. තව ද අපි ඔහු ට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු.
أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَىٰ ۗ قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
“නැතහොත් සැබැවින් ම ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ් ගේ සාධකයක් වසන් කරන්නන් ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තව ද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහු ය.
سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا ۚ قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ඔවුන් කවර දෙයක් මත සිටියෝ ද එවන් ඔවුන්ගේ දිශාවෙන් ඔවුන් ව හැර වූයේ කුමක් දැ යි ජනයා අතුරින් අඥානයෝ විමසා සිටිති. නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ට ම සතු ය. ඔහු අභිමත කරන්නන් හට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ඇතැයි (නබිවරය) පවසනු.

Choose other languages: