Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #100 Translated in Sinhalese

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَٰكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ
නියත වශයෙන්ම එම ප්‍රදේශවාසීන් විශ්වාස කොට බිය බැතියෙන් කටයුතු කර තිබුණේ නම් සැබැවින්ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත සමෘධිය විවෘත කර දෙන්නට තිබුණි. නමුත් ඔවුහු බොරු කළෝය. එවිට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන් ව ග්‍රහණය කළෙමු.
أَفَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَنْ يَأْتِيَهُمْ بَأْسُنَا بَيَاتًا وَهُمْ نَائِمُونَ
ඔවුන් නිදා ගනිමින් සිටිය දී රාත්‍රියේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
أَوَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَنْ يَأْتِيَهُمْ بَأْسُنَا ضُحًى وَهُمْ يَلْعَبُونَ
ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
أَفَأَمِنُوا مَكْرَ اللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ اللَّهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ
අල්ලාහ්ගේ උපාය ගැන ඔවුහු අභයදායී ව සිටින්නෝ ද? අල්ලාහ්ගේ උපාය මාර්ගයට අලාභවන්ත ජනයා මිස වෙනත් කිසිවකු අභයදායී ව නොසිටියි.
أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ الْأَرْضَ مِنْ بَعْدِ أَهْلِهَا أَنْ لَوْ نَشَاءُ أَصَبْنَاهُمْ بِذُنُوبِهِمْ ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ
එහි වැසියන්ට පසුව මහපොළව උරුමකර ගන්නන් හට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුනට දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත අප මුද්‍රා තබන වග නොවැටහේ ද? තවද ඔවුහු සවන් නොදෙති.

Choose other languages: