Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #99 Translated in Sinhalese

ثُمَّ بَدَّلْنَا مَكَانَ السَّيِّئَةِ الْحَسَنَةَ حَتَّىٰ عَفَوْا وَقَالُوا قَدْ مَسَّ آبَاءَنَا الضَّرَّاءُ وَالسَّرَّاءُ فَأَخَذْنَاهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
පසුව අපි නපුර වෙනුවට යහපත පරිවර්තනය කළෙමු. අවසානයේ ඔවුහු සමෘද්ධිමත් වූහ. තවද ‘සැබැවින්ම අපගේ මුතුන් මිත්තන්හට දුක හා සතුට ඇති විය’ යැයි ඔවුහු පැවසුවෝය. පසුව ඔවුන් නොදැන සිටිය දී අපි අනපේක්ෂිත ලෙසින් ඔවුන් ව ග්‍රහණය කළෙමු.
وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَٰكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ
නියත වශයෙන්ම එම ප්‍රදේශවාසීන් විශ්වාස කොට බිය බැතියෙන් කටයුතු කර තිබුණේ නම් සැබැවින්ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත සමෘධිය විවෘත කර දෙන්නට තිබුණි. නමුත් ඔවුහු බොරු කළෝය. එවිට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන් ව ග්‍රහණය කළෙමු.
أَفَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَنْ يَأْتِيَهُمْ بَأْسُنَا بَيَاتًا وَهُمْ نَائِمُونَ
ඔවුන් නිදා ගනිමින් සිටිය දී රාත්‍රියේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
أَوَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَنْ يَأْتِيَهُمْ بَأْسُنَا ضُحًى وَهُمْ يَلْعَبُونَ
ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
أَفَأَمِنُوا مَكْرَ اللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ اللَّهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ
අල්ලාහ්ගේ උපාය ගැන ඔවුහු අභයදායී ව සිටින්නෝ ද? අල්ලාහ්ගේ උපාය මාර්ගයට අලාභවන්ත ජනයා මිස වෙනත් කිසිවකු අභයදායී ව නොසිටියි.

Choose other languages: