Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #101 Translated in Sinhalese

أَفَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَنْ يَأْتِيَهُمْ بَأْسُنَا بَيَاتًا وَهُمْ نَائِمُونَ
ඔවුන් නිදා ගනිමින් සිටිය දී රාත්‍රියේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
أَوَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَنْ يَأْتِيَهُمْ بَأْسُنَا ضُحًى وَهُمْ يَلْعَبُونَ
ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
أَفَأَمِنُوا مَكْرَ اللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ اللَّهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ
අල්ලාහ්ගේ උපාය ගැන ඔවුහු අභයදායී ව සිටින්නෝ ද? අල්ලාහ්ගේ උපාය මාර්ගයට අලාභවන්ත ජනයා මිස වෙනත් කිසිවකු අභයදායී ව නොසිටියි.
أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ الْأَرْضَ مِنْ بَعْدِ أَهْلِهَا أَنْ لَوْ نَشَاءُ أَصَبْنَاهُمْ بِذُنُوبِهِمْ ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ
එහි වැසියන්ට පසුව මහපොළව උරුමකර ගන්නන් හට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුනට දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත අප මුද්‍රා තබන වග නොවැටහේ ද? තවද ඔවුහු සවන් නොදෙති.
تِلْكَ الْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَائِهَا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا مِنْ قَبْلُ ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الْكَافِرِينَ
එම ගම්මාන වනාහි, ඒවායෙහි පුවත් ගැන අපි නුඹට දන්වමු. සැබැවින්ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුහු මීට පෙර බොරු කළ දෑ විශ්වාස කරන්නන් නොවූහ. දේව ප්‍රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ මෙලෙසය.

Choose other languages: