Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #69 Translated in Sinhalese

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۚ أَفَلَا تَتَّقُونَ
ආද් සමූහයා වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (එව්වෙමු.) ඔහු ‘මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ’යි විමසුවේය.
قَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي سَفَاهَةٍ وَإِنَّا لَنَظُنُّكَ مِنَ الْكَاذِبِينَ
නියත වශයෙන්ම ඔබ අඥානකමෙහි සිටිනු අපි දකිමු. එමෙන්ම ඔබ නියත වශයෙන්ම බොරුකාරයින් අතරින් යැයි ද සිතමු යි ඔහුගේ සමූහයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
قَالَ يَا قَوْمِ لَيْسَ بِي سَفَاهَةٌ وَلَٰكِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ
‘මාගේ සමූහයනි! මා සමඟ කිසිදු අඥානකමක් නොමැත. එනමුත් මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයෙක් වෙමි’ යැයි ඔහු පැවසුවේය.
أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنَا لَكُمْ نَاصِحٌ أَمِينٌ
මාගේ පරමාධිපතිගේ පණිවිඩ මම නුඹලාට දන්වමි. තවද මම නුඹලා සඳහා වූ විශ්වාසනීය උපදේශකයකු වෙමි.
أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَىٰ رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ ۚ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නුඹලාට අනතුරු ඇඟවීම පිණිස නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසුව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධික ව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එහෙයින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු.

Choose other languages: