Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #68 Translated in Sinhalese

فَكَذَّبُوهُ فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ فِي الْفُلْكِ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا عَمِينَ
නමුත් ඔවුහු ඔහුව බොරු කළෝය. පසුව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන් ව ගිල්වූයෙමු. නියත වශයෙන්ම ඔවුහු අන්ධ පිරිසක් වූහ.
وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۚ أَفَلَا تَتَّقُونَ
ආද් සමූහයා වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (එව්වෙමු.) ඔහු ‘මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ’යි විමසුවේය.
قَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي سَفَاهَةٍ وَإِنَّا لَنَظُنُّكَ مِنَ الْكَاذِبِينَ
නියත වශයෙන්ම ඔබ අඥානකමෙහි සිටිනු අපි දකිමු. එමෙන්ම ඔබ නියත වශයෙන්ම බොරුකාරයින් අතරින් යැයි ද සිතමු යි ඔහුගේ සමූහයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
قَالَ يَا قَوْمِ لَيْسَ بِي سَفَاهَةٌ وَلَٰكِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ
‘මාගේ සමූහයනි! මා සමඟ කිසිදු අඥානකමක් නොමැත. එනමුත් මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයෙක් වෙමි’ යැයි ඔහු පැවසුවේය.
أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنَا لَكُمْ نَاصِحٌ أَمِينٌ
මාගේ පරමාධිපතිගේ පණිවිඩ මම නුඹලාට දන්වමි. තවද මම නුඹලා සඳහා වූ විශ්වාසනීය උපදේශකයකු වෙමි.

Choose other languages: