Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #72 Translated in Sinhalese

أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنَا لَكُمْ نَاصِحٌ أَمِينٌ
මාගේ පරමාධිපතිගේ පණිවිඩ මම නුඹලාට දන්වමි. තවද මම නුඹලා සඳහා වූ විශ්වාසනීය උපදේශකයකු වෙමි.
أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَىٰ رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ ۚ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නුඹලාට අනතුරු ඇඟවීම පිණිස නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසුව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධික ව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එහෙයින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු.
قَالُوا أَجِئْتَنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا ۖ فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අපි අත හැර දමා අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්‍යවාදීන් අතරින් නම් අපට නුඹ ප්‍රතිඥා දුන් දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුවෝය.
قَالَ قَدْ وَقَعَ عَلَيْكُمْ مِنْ رَبِّكُمْ رِجْسٌ وَغَضَبٌ ۖ أَتُجَادِلُونَنِي فِي أَسْمَاءٍ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا نَزَّلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා කෝපය නුඹලා වෙත පතිත විය. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් ගැන නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ وَمَا كَانُوا مُؤْمِنِينَ
එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ සංඥාවන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ලෙස නොසිටියෝය.

Choose other languages: