Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #73 Translated in Sinhalese

أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَىٰ رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ ۚ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නුඹලාට අනතුරු ඇඟවීම පිණිස නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසුව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධික ව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එහෙයින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු.
قَالُوا أَجِئْتَنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا ۖ فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අපි අත හැර දමා අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්‍යවාදීන් අතරින් නම් අපට නුඹ ප්‍රතිඥා දුන් දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුවෝය.
قَالَ قَدْ وَقَعَ عَلَيْكُمْ مِنْ رَبِّكُمْ رِجْسٌ وَغَضَبٌ ۖ أَتُجَادِلُونَنِي فِي أَسْمَاءٍ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا نَزَّلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා කෝපය නුඹලා වෙත පතිත විය. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් ගැන නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ وَمَا كَانُوا مُؤْمِنِينَ
එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ සංඥාවන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ලෙස නොසිටියෝය.
وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ ۖ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً ۖ فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ ۖ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ
තවද සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු). මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය නුඹලාට සංඥාවක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. අල්ලාහ්ගේ භූමියේ බුදින්නට නුඹලා ඌ අත හැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට වේදනීය දඬුවමක් නුඹලා ව ග්‍රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේය.

Choose other languages: