Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #16 Translated in Sinhalese

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ
මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නොනැමීමට නුඹ ව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) විමසුවේය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා ගින්නෙන් මවා ඇත්තෙහිය. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසීය.
قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَنْ تَتَكَبَّرَ فِيهَا فَاخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ
එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට සුදුසු නොවේ. එබැවින් නුඹ පිට ව යනු. නියත වශයෙන්ම නුඹ පහත් අය අතරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
قَالَ أَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කීය.
قَالَ إِنَّكَ مِنَ الْمُنْظَرِينَ
නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
නුඹ මා නොමඟ යන්නට ඉඩ හැරිය බැවින් නිසැකවම මමද නුඹගේ ඍජු මාර්ගය ඔවුනට හරස් කර වාඩි වෙමි යැයි ඔහු පැවසීය.

Choose other languages: