Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #15 Translated in Sinhalese

وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُنْ مِنَ السَّاجِدِينَ
තවද සැබැවින්ම අපි නුඹලා මවා පසු ව නුඹලා හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා ආදම්ට සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්හට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර සෙස්සෝ සුජූද් කළෝය. ඔහු සිරස නමන්නන් අතරින් නොවීය.
قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ
මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නොනැමීමට නුඹ ව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) විමසුවේය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා ගින්නෙන් මවා ඇත්තෙහිය. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසීය.
قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَنْ تَتَكَبَّرَ فِيهَا فَاخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ
එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට සුදුසු නොවේ. එබැවින් නුඹ පිට ව යනු. නියත වශයෙන්ම නුඹ පහත් අය අතරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
قَالَ أَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කීය.
قَالَ إِنَّكَ مِنَ الْمُنْظَرِينَ
නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.

Choose other languages: