Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #18 Translated in Sinhalese

قَالَ أَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කීය.
قَالَ إِنَّكَ مِنَ الْمُنْظَرِينَ
නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
නුඹ මා නොමඟ යන්නට ඉඩ හැරිය බැවින් නිසැකවම මමද නුඹගේ ඍජු මාර්ගය ඔවුනට හරස් කර වාඩි වෙමි යැයි ඔහු පැවසීය.
ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ
පසු ව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.
قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومًا مَدْحُورًا ۖ لَمَنْ تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكُمْ أَجْمَعِينَ
නුඹ අවමානයට පත් හෙළා දකිනු ලබන්නෙකු සේ මෙයින් පිට ව යනු. ඔවුන් අතරින් කවරෙකු නුඹ ව අනුගමනය කළේ ද සැබැවින්ම නුඹලා සියල්ලන්ගෙන්ම නිරය පුරවන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.

Choose other languages: