Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #20 Translated in Sinhalese

قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
නුඹ මා නොමඟ යන්නට ඉඩ හැරිය බැවින් නිසැකවම මමද නුඹගේ ඍජු මාර්ගය ඔවුනට හරස් කර වාඩි වෙමි යැයි ඔහු පැවසීය.
ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ
පසු ව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.
قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومًا مَدْحُورًا ۖ لَمَنْ تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكُمْ أَجْمَعِينَ
නුඹ අවමානයට පත් හෙළා දකිනු ලබන්නෙකු සේ මෙයින් පිට ව යනු. ඔවුන් අතරින් කවරෙකු නුඹ ව අනුගමනය කළේ ද සැබැවින්ම නුඹලා සියල්ලන්ගෙන්ම නිරය පුරවන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
وَيَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ
තවද අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය ස්වර්ගයේ වාසය කරනු. ඔබ දෙපළ කැමති අයුරින් අනුභව කරනු. නමුත් මෙම ගසට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතරින් වන්නෙහුය.
فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ لِيُبْدِيَ لَهُمَا مَا وُورِيَ عَنْهُمَا مِنْ سَوْآتِهِمَا وَقَالَ مَا نَهَاكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ الشَّجَرَةِ إِلَّا أَنْ تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ الْخَالِدِينَ
ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාට හෙළි කිරීම සඳහා ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වනු ඇතැයි හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතරින් වනු ඇතැයි යන හේතුවෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා ව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු (ෂෙයිතාන්) පවසා සිටියේය.

Choose other languages: