Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #37 Translated in Sinhalese

وَلَمَّا أَنْ جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ
තවද අපගේ දූතවරු ලූත් වෙත පැමිණි විට ඔවුන් හේතුවෙන් ඔහු දුකට පත් විය. තවද ඔවුන් ගැන කනස්සල්ලෙන් ඔහු පීඩනයට පත් විය. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් නොවනු. නියත වශයෙන්ම ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අය අපි මුදවාගන්නෝ වෙමු. ඇය පසුබැස්සවුන් අතරට පත් වූවාය යැයි පැවසූහ.
إِنَّا مُنْزِلُونَ عَلَىٰ أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ
නියත වශයෙන්ම මෙම නගරවාසීන් පාපකම් සිදු කරමින් සිටී හෙයින් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත පහළ කරන්නෙමු.
وَلَقَدْ تَرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِقَوْمٍ يَعْقِلُونَ
තවද වටහා ගන්නා ජනයාට සැබැවින්ම අපි පැහැදිලි සංඥාවක් එහි අත්හැර දමා ඇත්තෙමු.
وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
තවද මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව (එව්වෙමු.) එවිට මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද පරමාන්ත දිනය බලාපොරොත්තු වෙනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු යැයි ඔහු පැවසීය.
فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමිකම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූවෝය.

Choose other languages: