Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #102 Translated in Sinhalese

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنْتُمْ لَهَا وَارِدُونَ
නියත වශයෙන්ම නුඹලා හා අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ නිරයේ ඉන්ධන වෙයි. නුඹලා ඒ වෙත පැමිණෙන්නෝ වෙති.
لَوْ كَانَ هَٰؤُلَاءِ آلِهَةً مَا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَ
ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝම එහි සදාතනිකයෝ වෙති.
لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ
එහි ඔවුනට විලාපයයි. තවද ඔවුහු එහි (වෙනත් කිසිවකට) සවන් නොදෙති.
إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَىٰ أُولَٰئِكَ عَنْهَا مُبْعَدُونَ
නියත වශයෙන්ම පෙර ඉකුත් ව ගිය, අපගෙන් යහපත හිමි අය වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නෝ වෙති.
لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ
ඔවුහු එහි කෙඳීරීමට සවන් නොදෙති. තවද ඔවුන්ගේ සිත් ආශා කරන දෑහි ඔවුහු සදාතනිකයෝ වෙති.

Choose other languages: