Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #103 Translated in Sinhalese

لَوْ كَانَ هَٰؤُلَاءِ آلِهَةً مَا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَ
ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝම එහි සදාතනිකයෝ වෙති.
لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ
එහි ඔවුනට විලාපයයි. තවද ඔවුහු එහි (වෙනත් කිසිවකට) සවන් නොදෙති.
إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَىٰ أُولَٰئِكَ عَنْهَا مُبْعَدُونَ
නියත වශයෙන්ම පෙර ඉකුත් ව ගිය, අපගෙන් යහපත හිමි අය වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නෝ වෙති.
لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ
ඔවුහු එහි කෙඳීරීමට සවන් නොදෙති. තවද ඔවුන්ගේ සිත් ආශා කරන දෑහි ඔවුහු සදාතනිකයෝ වෙති.
لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَٰذَا يَوْمُكُمُ الَّذِي كُنْتُمْ تُوعَدُونَ
ඉමහත් භීතිය ඔවුන් දුකට පත් නොකරයි. තවද මෙය නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නුඹලාගේ දිනය වේ යැයි (පවසමින්) මලක්වරු ඔවුන් මුණ ගැසෙති.

Choose other languages: