Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #30 Translated in Sinhalese

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ ۖ وَإِنْ يُهْلِكُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
තවද ඔවුහු එයින්(සත්‍යයෙන්) වළක්වාලති. ඔවුන් ද එයින් දුරස් ව සිටිති. ඔවුන් විනාශ කරනුයේ ඔවුන් ව ම මිස වෙනත් කිසිවකු නොවේ. තවද ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
නිරා ගින්නෙහි ඔවුන් සිටුවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් එවිට “අහෝ! අපගේ විනාශය, අප නැවත හරවා යවනු ලබන්නේ නම් මැනව! අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරු නොකරමු. තවද අපි විශ්වාසවන්තයින් අතරින් වන්නෙමු යැ’’ යි ඔවුහු පවසා සිටිති.
بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ ۖ وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
නමුත් කලින් ඔවුන් සඟවමින් සිටි දෑ ඔවුනට හෙළි විය. තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය.
وَقَالُوا إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
තවද මෙය අපගේ ලෞකික ජීවිතය මිස වෙනකක් නොවේ. තවද අප නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۚ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් "මෙය සත්‍යය නොවේ දැ" යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි ඔවුහු පවසති. එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.

Choose other languages: