Quran Apps in many lanuages:

Surah Al-Ahqaf Ayahs #14 Translated in Sinhalese

قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ وَكَفَرْتُمْ بِهِ وَشَهِدَ شَاهِدٌ مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
“එය අල්ලාහ් වෙතින් පැමිණ තිබියදීත්, ඉස්රාඊල් දරුවන් අතරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂිද දරා, පසු ව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩඟු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහුද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا لَوْ كَانَ خَيْرًا مَا سَبَقُونَا إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا بِهِ فَسَيَقُولُونَ هَٰذَا إِفْكٌ قَدِيمٌ
“එය යහපතක් වී නම් ඒ කෙරෙහි ඔවුන් අප පසුකර නොයනු ඇත යැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසුවෝය. තවද එමගින් ඔවුහු යහමග නොලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ وَهَٰذَا كِتَابٌ مُصَدِّقٌ لِسَانًا عَرَبِيًّا لِيُنْذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ
තවද එයට පෙර මෙහෙයවන්නක් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචියක් ලෙස ද අරාබි බසින් වූ ග්‍රන්ථයකි. (එය හා මීට පෙර පහළ වූ ග්‍රන්ථ) තහවුරු කරන්නකි.
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.
أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ خَالِدِينَ فِيهَا جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුහු ස්වර්ග වැසියෝය. එහි සදාතනිකයින්ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.

Choose other languages: