Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #25 Translated in Sinhalese

إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන, කිසිදු යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරන, ජනයා අතරින් සාධාරණ ලෙස (තීන්දු තීරණ) නියෝග කරන්නන් ඝාතනය කරන අය වනාහි ඔවුන්ට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි පවසනු.
أُولَٰئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
මෙලොව හා මතුලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තවද ඔවුනට උදව් කරුවන් අතරින් කිසිවකු හෝ නොමැත.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَىٰ كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ وَهُمْ مُعْرِضُونَ
පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝය. පසු ව ඔවුන් අතරින් පිරිසක් පිටු දකින්නන් ලෙස හැරී ගියෝය.
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ ۖ وَغَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ
එය, නියමිත දින ගණනකට පමණක් මිස (නිරා) ගින්න අප ව ස්පර්ශ නොකරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව ඔවුන්ගේ දහම විෂයෙහි රවටා දැමුවේය.
فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
ඒ ගැන කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන් ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන විට එය කෙසේ වේ ද? තව ද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.

Choose other languages: