Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #28 Translated in Sinhalese

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ ۖ وَغَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ
එය, නියමිත දින ගණනකට පමණක් මිස (නිරා) ගින්න අප ව ස්පර්ශ නොකරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව ඔවුන්ගේ දහම විෂයෙහි රවටා දැමුවේය.
فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
ඒ ගැන කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන් ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන විට එය කෙසේ වේ ද? තව ද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ ۖ بِيَدِكَ الْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය) නුඹ පවසනු. සියලු පාලනයන්හි පාලකයා වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්‍ය පාලනය පිරිනමන්නෙහිය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය උදුරා දමන්නෙහිය. තවද ඔබ අභිමත අය ව උසස් කරන්නෙහිය. ඔබ අභිමත අය ව පහත් කරන්නෙහිය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන්ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.
تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۖ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ ۖ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ
ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහිය. දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහිය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහිය. ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහිය. තවද ඔබ අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නෙහිය.
لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَنْ تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ
දේවත්වය විශ්වාස කළවුන් දේවත්වය විශ්වාස කළවුන්ව හැර දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව භාරකරුවන් ලෙස නොගත යුතු ය. කවරෙකු එසේ කරන්නේ ද එවිට ඔහුට අල්ලාහ්ගෙන් කිසිවක් (කිසිදු ආරක්ෂාවක්) නොවනු ඇත. නමුත් නුඹලා ඔවුන්ගෙන් (ආත්ම) ආරක්ෂාව සපයා ගැනීම උදෙසා මිස. තව ද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය. එමෙන්ම ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ම ය.

Choose other languages: