Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #26 Translated in Sinhalese

أُولَٰئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
මෙලොව හා මතුලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තවද ඔවුනට උදව් කරුවන් අතරින් කිසිවකු හෝ නොමැත.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَىٰ كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ وَهُمْ مُعْرِضُونَ
පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝය. පසු ව ඔවුන් අතරින් පිරිසක් පිටු දකින්නන් ලෙස හැරී ගියෝය.
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ ۖ وَغَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ
එය, නියමිත දින ගණනකට පමණක් මිස (නිරා) ගින්න අප ව ස්පර්ශ නොකරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව ඔවුන්ගේ දහම විෂයෙහි රවටා දැමුවේය.
فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
ඒ ගැන කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන් ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන විට එය කෙසේ වේ ද? තව ද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ ۖ بِيَدِكَ الْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය) නුඹ පවසනු. සියලු පාලනයන්හි පාලකයා වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්‍ය පාලනය පිරිනමන්නෙහිය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය උදුරා දමන්නෙහිය. තවද ඔබ අභිමත අය ව උසස් කරන්නෙහිය. ඔබ අභිමත අය ව පහත් කරන්නෙහිය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන්ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.

Choose other languages: