Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #42 Translated in Sinhalese

وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَا أَنْ نُشْرِكَ بِاللَّهِ مِنْ شَيْءٍ ۚ ذَٰلِكَ مِنْ فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?
مَا تَعْبُدُونَ مِنْ دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳ ව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුව නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවට ඔහු අණ කළේය. එයයි ඍජු දහම වනුයේ. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
يَا صَاحِبَيِ السِّجْنِ أَمَّا أَحَدُكُمَا فَيَسْقِي رَبَّهُ خَمْرًا ۖ وَأَمَّا الْآخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ الطَّيْرُ مِنْ رَأْسِهِ ۚ قُضِيَ الْأَمْرُ الَّذِي فِيهِ تَسْتَفْتِيَانِ
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී, කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂීන් අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබීය.
وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنِي عِنْدَ رَبِّكَ فَأَنْسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ
තවද ඔවුන් දෙදෙනාගෙන් සැබැවින්ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. නමුත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේය.

Choose other languages: