Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #20 Translated in Sinhalese

يَوْمَ هُمْ بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
එදින ඔවුන් බැහැරව එති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙත නොසැඟවෙයි. එදින ආධිපත්යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණය.
الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ الْيَوْمَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
අද දින සෑම ආත්මයක්ම උපයා ගත් දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබයි. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත්ය.
وَأَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ
තවද ඔබ ශීඝ්‍රයෙන් පැමිණෙන දිනය ගැන ඔවුනට අවවාද කරනු. එවිට හදවත් උගුරුට ළඟා වී (ගිල ගත නොහැකිව) හිර වී පවතී. කිසිදු සමීප මිතුරෙකු හෝ පිළිගනු ලබන කිසිදු මැදිහත්කරුවකු හෝ අපරාධකරුවන්හට නොමැත.
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
ඇස් වලින් සිදුකරන වංචාව හා හදවත් සඟවන දෑ ද ඔහු (අල්ලාහ්) දනී.
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. තවද ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් තීන්දු නොදෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක වනුයේ.

Choose other languages: