Surah Ghafir Ayahs #22 Translated in Sinhalese
وَأَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ
තවද ඔබ ශීඝ්‍රයෙන් පැමිණෙන දිනය ගැන ඔවුනට අවවාද කරනු. එවිට හදවත් උගුරුට ළඟා වී (ගිල ගත නොහැකිව) හිර වී පවතී. කිසිදු සමීප මිතුරෙකු හෝ පිළිගනු ලබන කිසිදු මැදිහත්කරුවකු හෝ අපරාධකරුවන්හට නොමැත.
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
ඇස් වලින් සිදුකරන වංචාව හා හදවත් සඟවන දෑ ද ඔහු (අල්ලාහ්) දනී.
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. තවද ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් තීන්දු නොදෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක වනුයේ.
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِنْ قَبْلِهِمْ ۚ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ
තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැයි අධීක්ෂණයෙන් නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණුවලින් බලවත් අය වූවෝය. එමෙන්ම ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නොවීය.
ذَٰلِكَ بِأَنَّهُمْ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ ۚ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
එය ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණිය ද ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම ඔහු බලවත්ය. දඬුවම් දීමෙහි දැඩිය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
