Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #24 Translated in Sinhalese

وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. තවද ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් තීන්දු නොදෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක වනුයේ.
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِنْ قَبْلِهِمْ ۚ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ
තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැයි අධීක්ෂණයෙන් නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණුවලින් බලවත් අය වූවෝය. එමෙන්ම ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නොවීය.
ذَٰلِكَ بِأَنَّهُمْ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ ۚ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
එය ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණිය ද ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම ඔහු බලවත්ය. දඬුවම් දීමෙහි දැඩිය.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ
තවද සැබැවින්ම අපි මූසා ව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමග යැව්වෙමු.
إِلَىٰ فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ فَقَالُوا سَاحِرٌ كَذَّابٌ
ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත (යැව්වෙමු). එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි පැවසුවෝය.

Choose other languages: